Jan 18, 2021

ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට හිටපු හමුදා නිලධාරියෙක්

ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරි මහතා පත් කර තිබේ.

ඔහු විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ඇත.

ඒ අනුව අද වනවිට ලංකා බැංකුවෙහි අනෙකුත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන්නේ කාංචන රත්වත්ත (සභාපති), ජී. හර්ෂ විජයවර්ධන, අනුර ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු හා ආර්.එම්.පී. රත්නායක යන මහත්වරුන්ය.

චන්ද්‍රසිරි මහතා 2019 දෙසැමබර් මාසයේ සිට ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (පෞද්ගලික) සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

2009 වසරේ සිය යුද හමුදා ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ඒ මහතා ඒ මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස 2015 වසර දක්වා වසර පහමාරක කාලයක් ධුරය දරා තිබේ. 

වසර 35 ක යුද හමුදා සේවය තුළදී ඒ මහතා යුද හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක්ම හොබවා ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඔහුගේ සේවාව වෙනුවෙන් රණ වික්‍රම පදක්කම, විශිෂ්ට සේවා විභූෂණය මෙන්ම උත්තමසේවා පදක්කම යන පදක්කම්වලින්ද ඒ මහතා පිදුම් ලබා තිබේ. 2009 වසරේදී විශ්‍රාම යන අවස්ථාව වනවිට ඒ මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ධූරයද දැරුවේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top