සිය ව්‍යාපාරය සමඟ තරඟකාරී ව්‍යාපාරයක් විසින් කූඨ ලේඛනයක් යොදාගනිමින් මේ කටයුත්ත කර ඇති බවද එම සමාගම කියයි.
අදාළ ලේඛණය මගින් රේගුවද නොමග යවා ඇති බව පැවසේ.
අද (20) එම සමාගම විසින් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ බව කියා සිටියේය.
අදාළ ලේඛනයට අනුව අප වෙබ් අඩවියද මේ සම්බන්ධයෙන් "Facia ඇතුළු නිෂ්පාදන 3ක් තහනම් කරයි" යන සිරස්තලය යටතේ පුවතක් පල කළ අතර එමගින් කිසියම් හෝ අයකුට අපහසුතාවයක් සිදුවූයේ නම් අප හුදෙක්ම කනගාටු වෙමි.
එම මාධ්‍ය හමුවෙන්…
----(අවසන් යවත්කාලීන කිරීම - Tuesday, 19 January 2021 16:54)
Facia ඇතුළු නිෂ්පාදන 3ක් තහනම් කරයි
ජාතික ඖෂධ නියාමන අධිකාරිය ග්ලූටතයෝන් අණුවේ සංයෝගයක් සහිත නිෂ්පාදන තුනක් තහනම් කිරීමට නියෝග කර තිබේ.
ඕස්ට්‍රේලියාවෙන් ෆේෂියා ප්‍රිමියම්, ඉන්දියාවෙන් ලියා ෆෙයාර්නස් සහ පකිස්තානයේ ෆාමහෙල්ත් වෙතින් ඊවන්ටෝන් සී. මෙම වෙළඳ නාම තුනම දැනට ආනයනය කරනු ලබන්නේ 2002 දී ආරම්භ කරන ලද ඖෂධ සමාගමක් වන ඇලරිස් ලංකා (පුද්ගලික) සමාගම විසිනි.
එබැවින් එම අණු අඩංගු සියලුම නිෂ්පාදන රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර තිබේ.