Tourists shop at a duty-free shopping mall in Sanya City, south China's Hainan Province, Oct. 5, 2020. China's gross domestic product (GDP) exceeded the 100-trillion-yuan (15.42 trillion U.S. dollars) threshold as it posted a 2.3 percent year-on-year expansion to 101.5986 trillion yuan in 2020, data from the National Bureau of Statistics showed Monday. (Xinhua/Guo Cheng) Tourists shop at a duty-free shopping mall in Sanya City, south China's Hainan Province, Oct. 5, 2020. China's gross domestic product (GDP) exceeded the 100-trillion-yuan (15.42 trillion U.S. dollars) threshold as it posted a 2.3 percent year-on-year expansion to 101.5986 trillion yuan in 2020, data from the National Bureau of Statistics showed Monday. (Xinhua/Guo Cheng)
Jan 19, 2021

චීන දළ ජාතික නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 100 පන්නයි

චීනයේ දළ ජාතික නිෂ්පාදිතය 2020 වසර තුළදී යුවාන් ට්‍රිලියන 100ක් එනම් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 15.42ක් ඉක්ම වූ බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය සඳහන් කරයි.

ඊයේ (18 දා) පෙරවරුවේදී පැවැත්වුණු එම කාර්යාංශයේ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

මෙම දත්ත අනුව පසුගිය වසරේදී චීනයේ දළ ජාතික නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 101.5986ක් ඉක්මවා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 2.3ක ප්‍රතිශතයක වර්ධනයක් බවද පැවසෙයි.

එසේම නව කොරෝනා වසංගතයෙන් පිඩා විඳි පසුගිය වසර තුළදී මෙවැනි ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් ලොව ප්‍රධාන ආර්ථිකයක් බවටද චීනය පත්ව ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව 2019 වසරේදී චීනයේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඉතිහාසයේ පළමුවරට ඇමෙරිකානු  ඩොලර් 10,000ක් බවට වාර්තා කිරීමෙන් අනතුරුව චීන ආර්ථිකය ළඟා කරගත් කැපී පෙනෙන සන්ධිස්ථානයක් බවටද මෙය පත්ව ඇතැයිද කාර්යාංශයේ දත්ත උපුටා දක්වන චීන මාධ්‍ය සඳහන් කරයි.

එසේම ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය ලෙස පසුගිය වසරේදී රටක් ලෙස දුප්පත්කම තුරන් කිරීමේ ජයග්‍රහණයද හිමි කරගැනීමට චීනය සමත්විය. ඒ හරහා සෑම අතින්ම සෞභාග්‍යය ළගා කරගත් සමාජයක් බිහි කිරීම සඳහා වන ඓතිහාසික සාර්ථකත්වයකට පත් වීමටද චීනයට හැකියාව ලැබී තිබේ.

චීනයේ මෙම ආර්ථික ජයග්‍රහණයන් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී අදහස් දක්වා ඇති ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානී නින්ග් ජිස්හේ, මේ සාර්ථකත්වයන් මගින් චීනයේ ආර්ථික, විද්‍යාත්මක මෙන්ම තවත් දැවැන්ත පියවර සඳහා වන සුවිශේෂී ශක්තිමත් බවත් පෙන්නුම් කරනවා. යනුවෙන් පවසා සිටියි.

දැනට වසර 20කට පෙරාතුව යුවාන් ට්‍රිලියන 10කින් වර්ධනය වුණු චීනයේ මෙම ආර්ථිකය අද වනවිට සමස්ත ගෝලීය ආර්ථිකයෙන් 17ක ප්‍රතිශතයකට හිමිකම් කියන බවද ප්‍රධානියා පවසා සිටියි. එහිදී විශේෂයෙන්ම ධාන්‍ය නිෂ්පාදනය, කාර්මික නිෂ්පාදනය, අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීම මෙන්ම 5G තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක්ම මෙම ආර්ථිකයේ සෞභාග්‍ය සඳහා දායකත්වය ලබා දුන් බවද හෙතෙම අවධාරණය කර තිබේ.

මේ අතර 2020 වසරේදී චීනයේ ඒක පුද්ගල ආදායම යුවාන් 32,189 කින් එනම් පෙර වසරට සාපේක්ෂව 2.1ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. එය මූලිකවම දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනයත් සමගම සිදුව තිබෙන බව කාර්යාංශයේ දත්ත පවසයි. එසේම 2020 වසර තුළදී චීනය තුළ අලුතින් නාගරික රැකියා අවස්ථා මිලියන 11.86ක්ද බිහි වී තිබේ. එය 2019 වසරේදී බිහි වූ රැකියා ප්‍රමාණයට සාපේක්ෂව 131.8ක ප්‍රතිශතයක වර්ධනයකි.

ඒ අනුව චීනය අදටත් ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට බවට පත්ව තිබෙන බවත්, රටෙහි ඒක පුද්ගල  දළ ජාතික නිෂ්පාදිතය ගෝලීය සාමාන්‍ය අගයට වඩා පහළ මට්ටමකින් පවතින බවත් ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානියා පවසයි. එසේම ලෝකයේ ප්‍රධාන සංවර්ධිත රාජ්‍යයන් හි ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය හා සාපේක්ෂවද චීනයේ අගයන් අතර යම් පරතරයක් පවතී.

මෙලෙස චීනය සිය දළ ජාතික නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 100ක් ඉක්මවීම අද්‍යයතන සමාජවාදී රාජ්‍යයක් බිහි කිරීමේ චීන කාර්යයේදී වඩාත් වැදගත් අවස්ථාවක් බවත් එය චීනයේ දෙවැනි සියවසේ ඉලක්ක බවත් සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව මෙහි ඉදිරි අනාගතය ලෙස චීනය සිය දළ ජාතික නිෂ්පාදිතය වසර 2035 වන විට ලෝකයේ සංවර්ධිත රාජ්‍යයන්ගේ මට්ටමට පත් වීම අපේක්ෂාව වී තිබෙන බවත් චීනයේ කමියුනිස්ට් පක්ෂයේ මගින් 2021-2025 වසර සඳහා ඉදිරිපත් කර ඇති 14 වැනි පස් අවුරුදු යාන්ත්‍රණයේ සහ දිගු-කාලීන ඉලක්ක අතර වන බවත් පැවසෙයි.

මේ අතර ලෝක බැංකු සමූහයද මෙම මාසය මුලදී නිවේදනයක් නිකුත් කරමින් 2021 වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය 4෴ක ප්‍රතිශතයකින් වර්ධනය වෙද්දී, චීනයේ ආර්ථික වර්ධනය 7.9ක ප්‍රතිශතයක් ගනු ඇති බවට බලාපොරොත්තු තබා තිබෙන බවද සඳහන් කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top