Jan 19, 2021

පාකිස්තානු අගමැති ලබන මාසයේදී මෙරටට?

පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා 2021 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ නිල සංචාරය නිරත වීමට නියමිත බව 'ද හින්දු' පුවත්පත වාර්තා කරයි.

බොහෝ විට මෙම සංචාරය පෙබරවාරි මස අග සිදුවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ආරංචිමාර්ග සඳහන් කරන බව එම පුවත්පතේ දැක්වේ.

ඒ අනුව, කෙරෝනා වසංගතය ඇරඹීමෙන් පසුව මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා ඉම්රාන් ඛාන් වනු  ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top