Jan 19, 2021

"අධිකරණයෙන් මරණ දඬුවම දුන් අයට දේශපාලන පලිගැනීම් අදාල නෑ"

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් යැයි කියමින් අධිකරණයෙන් මරණ දඬුවම ලැබුණු තමන්ට හිතැති දේශපාලන සිරකරුවන් හෝ දේශපාලඥයින් නිදහස් කිරීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඊට විරුද්ධව සමාජයක් ලෙස පෙළ ගැසෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කියා සිටී.

දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව සහ යෝජනාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එය අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසේ.

2015 ජනවාරි මස 08 වැනිදා සිට 2019 නොවැම්බර් මස 16 වැනිදා දක්වා අවසන් වූ කාල සීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථා සේවකයින්, සන්නද්ධ හමුදාවන්ගේ සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම පරීක්ෂණ කොමිසන් සභාව පත්කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top