Jan 19, 2021

රජයේ මුදල් කාරක සභාවට වෙල්ගම සහ මනුෂ පත් වෙයි

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් පත් කරනු ලැබ ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(19) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

මෙම කාරකසභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ පාර්ල්මේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා තේරීම් කාරක සභාව විසින් ඔවුන් දෙදෙනා නම්කර  තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top