ඔහු මේ බව පවසා සිටියේ අද (19) දිනයේදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.
පූර්වාරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීමට සෑම පුද්ගලයෙකුටම අයිතියක් තිබෙනවා... එහෙත්, එම පානය භාවිතා කරන්න නිල වශයෙන් අවසර දී හෝ ප්‍රවර්ධනය කරන්න රජය බල කර නැහැ. ඒක තමයි අපේ ස්ථාවරය, යැයි ඔහු පැවසීය.
කෙසේවෙතත්, මාධ්‍ය හමුවේ කථානායකවරයා විසින් මෙම පැණිය පානය කිරීම යනු ඊට රජයේ අනුග්‍රහයක් හිමි යැයි පිළිබඳව ඇඟවීමක් නොවන්නේදැයි මාධ්‍යවේදීන් විසින් මෙහිදී පෙරළා ප්‍රශ්ණ කර සිටි අතර, ඊට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මෙසේ පැවසීය .
"එය භාවිතා කිරීම හෝ නොකිරීම පුද්ගලයෙකුගේ පෞද්ගලික අයිතිය කියා මං හිතනවා... ඒකට සීමාවන් පණවන්න බැහැ... මාත් එතන හිටියා ඒත් මං බිව්වේ නෑ... යමක් සායනිකව ඔප්පු වන තෙක් මං කිසිවක් විශ්වාස කරන්නෙ නෑ."
මෙම පැණිය පානය කළහොත් කොවිඩ්-19 වැළඳෙන්නේ නැතැයි එය නිපදවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පවසා තිබුණි. කෙසේවෙතත්, කතානායකවරයා සමගම මෙය පානය කළ මැතිඇමතිවරුන් අතර සිටි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා හට කොවිඩ්-19 වැළඳී ඇති බවට ඊයේ හෙළිදරව් විය.
මේ සමග ඔහුගේ ආශ්‍රිතයෙකු වූ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ද ස්වයං නිරෝධායනයට ලක්ව ඇති බවත් වාර්තා විය.
මේ අතර, ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ පසුගියදා හොරණ වගවත්ත ප්‍රදේශයේදී විවෘත කළ ටයර් සහ රේඩියර් ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව වන "ෆෙරෙන්ටිනෝ ටයර් කෝපරේෂන්" පුද්ගලික සමාගමේ හිමිකරු වන නන්දන ජයදේව ලොකුවිතාන මහතා මෙන්ම එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා ආසාදිතයෙකුගේ පලමු පෙල ආසාදිතයෙකු බවට පත්ව ඇති බවයි.
පියල් නිශාන්ත මහතා ද මෙම උත්සවයට සහභාගී වී තිබුණි.
සබැඳි පුවත් :