Jan 19, 2021

ප්‍රේමලාල් ගෙනාව වගේ රංජන්වත් ගේන්න

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර 04 ක සිර දඩුවම් නියම වී සිටින රංජන් රාමනායක මහතා අද (19) වැනිදා පාර්ලිමේන්තුවට ගෙන නොආවේ කුමන පදනමකින්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කථානායකවරයා අනුගමනය කල ප්‍රතිපත්තිය රංජන් රාමනායක මහතා පිළිබඳවද අනුගමනය කල යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අනතුරුව ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.

සිර දඩුවම් නියමවී සිටින රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සදහා සහභාගීවීමට අවසර දිය හැකිද නොහැකිද යන තීරණය සති තුනක් තුල ප්‍රකාශයට පත්කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top