Jan 19, 2021

මාළිගාවේ පොසිටිව් වුනේ යුක්‍රේන් සංචාරකයන් එන්න කලින් ලු! Featured

ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ රාජකාරියේ නිරතවූ පොලිස් නිලධාරීන් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබුණේ යුක්‍රේන සංචාරකයන් එහි යාමට පෙර බව සම-කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (19) දිනයේදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා සිටියේය.

මාධ්‍ය හමුවට සහභාගී වි සිටි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ද මේ බව සනාථ කළේය.

කාටවත් බල කළේ නෑ - ප්‍රසන්න

සංචාරකයන්ට අවස්ථාව ලබාදෙන මෙන් කිසිඳු ආයතනයකට බල කර නැති බව සංචාරක ඇමතිවරයා පැවසීය.

කොරෝනා වසංගතයට පෙර පසුගිය අවුරුදු දෙක තුළ වැඩිම සංචාරයකයන් ගණනක් ගිය ආයතන ගෙන්වා මෙම දිනයේ සිට යළි සංචාරකයන් පැමිණෙන බවත්, ඊට කැමති නම් පමණක් සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය ලබාදුන් ක්‍රමවේද ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියේය. මේ අනුව, දළදා මාළිගාවේ භාරකාර මණ්ඩලය විසින් ක්‍රමවේද දෙකක් හඳුනාගෙන සෞඛ්‍ය අංශ වල අනුමැතියද ලබාගෙන එය යොමුකර තිබුණු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ ආකාරයෙන් ස්ථාන 14කට සංචාරයකයන් ගෙන යාමට අනුමැතිය ලබාගෙන ඇති බවත්, මෙරටට පැමිණෙන සංචාරකයන් හට පැමිණ මුල් දින 14 තුළදී ජෛව බුබුළක් තුළදී ගමන් කළ හැක්කේ එම ස්ථාන වලට පමණක් බවද ඔහු කීවේය.

සබැඳි පුවත් :

දළදා මාළිගාවේ කාර්යය මණ්ඩලයට කොරෝනා නෑ

දළදා මාලිගා පරිශ්‍ර පොලීසියේ 4කට කොවිඩ් ; 200ක් නිරෝධායනයට

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top