Jan 19, 2021

තවත් කොවිඩ් මරණ 3ක් Featured

සෞඛ්‍ය බලධාරීන් විසින් අද (19) දිනයේදී ද තවත් Covid-19 මරණ 03ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ අරණායක ප්‍රදේශයේ පදිංචි 68-හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,  කොළඹ 06 පදිංචි 48-හැවිරිදි කාන්තාවක් හා මාළිගාවත්තේ පදිංචි 70-හැවිරිදි කාන්තාවකි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Info Press RE 73

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top