Jan 19, 2021

බ්‍රැන්ඩික්ස් පොකුරෙන් ආරම්භ වූ කොවිඩ් දෙවැනි රැල්ල පනස්දහස පන්නයි Featured

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී (19) කොවිඩ් - 19 ආසාදිතයන් 669 ක් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙරට මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 54,419ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භයේ සිට අද (19) දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 50,000 ඉක්මවා ගොස් තිබේ.

මේ වනවිට කොවිඩ් මරණ 270ක් වාර්තා වී ඇති අතර දෙවැනි රැල්ල ආරම්භවීමෙන් පසු සිදුවී ඇති මරණ ගණන 257 කි.

මෙරට දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූයේ ව්‍යාපාරික අශ්රොෆ් ඕමාර් මහතාට අයත් මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයෙනි.

Info Press RE 72

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top