Jan 20, 2021

සීනි ආනයනයේදී බදු වංචාවක් සිදුව නෑ - ලසන්ත

සීනි ආනායන කිරීමේදී එක්තරා පෞද්ගලික ආයතනයකට බදු සහනයක් ලබා දෙමින් රුපියල් බිලියන 10ක බදු වංචාවක් සිදුව ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්පූර්ණ අසත්‍යයක් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

පසුගිය කාල සීමාවේදී සභාව කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බවත් මීට සම්බන්ධ ගැසට් හා කරුණු පිළිබඳව විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමක් හා කරුණු ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ සීනි මිල පහත බැස නැති බවත්, ඉහත වංචාව සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමට සමගි ජනබලවේගය තීරණය කළ බවත්ය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top