Jan 20, 2021

'කොවිඩ් නිසා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වසා නෑ' Featured

කොවිඩ් ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය වසා දමා ඇති ප්‍රචාර වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම රාජ්‍ය අමාත්‍යංශ කාර්යය මණ්ඩලයේ කිහිපදෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන් නිසි සෞඛ්‍ය ක්‍රියාමාර්ග වෙත යොමුකර, ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සෙසු කාර්යය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් අමාත්‍යංශයේ රාජකාරී කටුයුතු අඛණ්ඩව සිදුවෙන බව එහි දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top