Jan 21, 2021

ඊයේ කොවිඩ් රෝගීන් 770යි, එක් මරණයයි Featured

සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ (20) දිනයේදී ද තවත් Covid-19 මරණයක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ මල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි 53-හැවිරිදි කාන්තාවකි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 274ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ (20) ප.ව. 09.00ට පළ කළ නවතම වාර්තාව අනුව ඊයේ දිනයේදී රෝගීන් 770ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 55,189ක් වේ.

මේ වන විට රෝගීන් 7,700ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 47,215ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

Info Press RE 76

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top