මෙසේ හොරකු ඇතුළුව ඇත්තේ ජනාධිපති ආරක්ෂක අංශය ද යොදවා වලව්ව අබියස බණ්ඩාරනායක සමාධියට ඇතුළු වන ගේට්ටුවේ පොලිස් මුරපොළක්ද තිබියදීය.
වලව්වේ පිටුපස දොරේ වීදුරුව බිඳ අගුල ඇරගෙන සැකකරු ඇතුළු වී ඇති බව මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
මෙම පුද්ගලයා ඇතුළු වන අවස්ථාවේ හිටපු ජනාධිපතිනිය වලව්වේ සිට නැත.
ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් 3 දෙනෙකු රාජකාරියේ සිට ඇති බව පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හා නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.