මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සිය කොන්ත්‍රාත් ක්‍රීඩකයින්ට අවසන් නිවේදනයක් නිකුත් කර ඇති බව 'දි අයිලන්ඩ්' පුවත්පත වාර්තා කරයි.
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තෝරාගත් ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පසුගියදා කොළඹදී යෝග්‍යතා පරීක්ෂණවලට ලක්වූ අතර ඔවුන්ගෙන් අට දෙනෙකු එම පරීක්ෂණයෙන් අසමත් වී ඇති බවත්, මේ අතර කණ්ඩායමේ ස්ථිර සාමාජිකයන් කිහිප දෙනෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ද සිටින බව එහි දැක්වේ.
පෙබරවාරි 3දා පැවැත්වෙන තවත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට පෙර ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව සකසා ගන්නා මෙන් ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිවේදනය කර ඇති අතර, දෙවන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වුවහොත් ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා තෝරා ගැනීමට නුසුදුසු වනු ඇති වනු ඇත.
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකක්, එක්දින ජාත්‍යන්තර තරග 3ක් හා පන්දුවාර විස්සයි 20 තරග තුනක් ක්‍රීඩා කිරීමට නියමිතය.
කණ්ඩායම තුළ ශාරීරික යෝග්‍යතාවය යනු මේ දින වල වැඩි අවධානයක් යොමු වී ඇති මාතෘකාවක් වන අතර, මේ සම්බන්ධයෙන් විශිෂ්ට මට්ටමක් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් විසින් ඉල්ලා තිබේ.
එංගලන්තයට එරෙහිව පැවැත්වුනු ටෙස්ට් තරගාවලියට ප්‍රථම පැවති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු හරවා යවා ඇති අතර, පෙරේදා පැවති දෙවැනි ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ද ඔහු අසමත් වී ඇති බව විශ්වාස කෙරේ.
කොවිඩ් සමයේදී ක්‍රීඩකයන් නිවසේ රැඳී සිටීම හේතුවෙන් ශාරීරික යෝග්‍යතා මට්ටම දුර්වල වී ඇති බවට තර්ක විතර්ක මතුවී තිබුණද, ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යෝග්‍යතා මට්ටම් පිළිබඳ ගැටළු කලක සිට පවතියි.
(දි අයිලන්ඩ් ඇසුරෙන්)