රට තවදුරටත් අගුළු දමා තැබීමට නොහැකි නිසා රටේ එදිනෙදා සාමාන්‍ය කටයුතු ආරම්භ කර තිබුණ ද සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළහොත් තත්ත්වය නරක අතට පත්වනු ඇතැයි ද ඒ මහතා කීය.
මගී බස් රථවල මෙන් ම කාර්යාලවලදී නිසි දූරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැලඳ සිටීම, නිරන්තරයෙන් අත සේදීම ආදී වසංගතයෙන් ආරක්ෂා වන සියලුම උපදෙස් පෙර පරිදි ම පිළිපැදිය යුතු බවද සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
බොහෝ කාර්යාලවල සේවකයන් ආහාර ගැනීමේදී එකට එකතුවී සුපුරුදු පරිදි කටයුතු කරන බවත්, එලෙස ඒකරාශී වීමෙන් වෛරසය පැතිරෙන බවත් ඒ මහතා කී ය.
රටේ සාමාන්‍ය එදිනෙදා කටයුතු ක්‍රම ක්‍රමයෙන් ආරම්භ කළත් වෛරසය තුරන් වී නැති නිසා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද දිගටම පවත්වාගෙන යෑම සෑම දෙනාගේ ම වගකීම බවද ඒ මහතා අවධාරණය කළේ ය.