Jan 21, 2021

මහින්දානන්දට එරෙහි නඩුව කල්යයි

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොණුකල නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම පෙබරවාරී 3 වනදා දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (21) නියෝග කළේය. 

නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අසනීප තත්වයෙන් පසුවීම හමුවේ මෙම නඩු විභාගය කල්දමා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමති වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය සාපරාධීපරිහරණය කිරීම ඇතුලු අධි චෝදනා යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top