එසේ ආසාදිතයන් වී ඇත්තේ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නටය.
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි - 20 තරගාවලියට පුහුණු වෙමින් සිටියදී කොඓරා්නා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ආසාදිත ක්‍රීඩකයින් දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කණ්ඩායම අවශ්‍ය පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කර තිබේ.
මොවුන් දෙදෙනාගේ පළමු සම්බන්ධතා ලෙස හඳුනාගෙන ඇති අනෙකුත් ක්‍රීඩකයින් හුදකලා කර ඇතැ බවද වාර්තා වේ.