Jan 21, 2021

හෙට තරගයේදී පන්දු යවන්න සූදානම් -මැතිව්ස් Featured

එංගලන්තය සමගින් හෙට (22) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායමේ අවශ්‍යතාවය පරිදි තමන් පන්දු යැවීමට සූදානම් බව ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරයි.

ඊයේ (20) අන්තර්ජාලය ඔස්සේ මාධ්‍ය හමුවකට එක් වෙමින් මැතිව්ස් මේ බව කියා සිටියේය.

මෙම තරගාවලිය අතරතුර පැවැති පුහුණුවීම් වලදී තමා පන්දු යැවීමේ පුහුණුවීම්හි නිරත වූ බවද මැතිව්ස් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් මෙසේ සඳහන් කළේය.‍"පුහුණුකරු ඒ සම්බන්ධයෙන් මා එක්ක කතා කළා. ඔහු ඇහුවා පන්දුවාර තුනක් හෝ හතරක් යවන්න පුළුවන්ද කියලා. අන්තිමට පැවැති එක්දින සහ විස්සයි විස්ස තරග වලදී මම පන්දු යැව්වා. ඔවුන් මගෙන් පන්දුවාර 10ක් හෝ 15ක් ඉල්ලන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මට පුහුණුකරුගේ ඉල්ලීම ඉටු කරන්න පුළුවන්"

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top