Jan 21, 2021

අද තවත් කොවිඩ් මරණ 2ක් හා දිනක හමුවූ වැඩිම රෝගීන්

සෞඛ්‍ය බලධාරීන් විසින් අද (21) දිනයේදී ද තවත් Covid-19 මරණ 02ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ පෑලියගොඩ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් හා අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 276ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය විසින් අද ප.ව. 09.40ට පළ කළ නවතම වාර්තාව අනුව අද හමුවූ මුළු ආසාදිතයින් ගණන 887ක් වන අතර, එය මේ දක්වා මෙරටින් දිනකදී හමුවූ වැඩිම රෝගීන් ගණනයි.

මේ අනුව, මෙතෙක් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,076ක් වේ.

මේ වන විට රෝගීන් 7,816ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 47,984 ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

Info Press RE 80

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top