මේ හේතුවෙන් මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශය ඊයේ (21) අතිශයින් උණුසුම්කාරී විය.
මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අවිවාහක තරුණයකු හදිසියේ රෝගාතුරව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත්තේ මීට දින දහයකට පෙරය.
අදාළ තරුණයා අක්මාවේ ආබාධයකින් පෙළෙන බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දිනෙන් දින රෝගය උත්සන්න වී ඔහු ඉකුත් 20 දා මියගොස් ඇත. පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල ඔහුගේ දේහය ඥාතීන්ට භාර දී තිබේ.
ඒ අනුව මියගිය තරුණයාගේ දේහය මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට එදින සවස ගෙනා ආ අතර 21 වැනිදා එම නිවසට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් එය කොවිඩ් ආසාදිත දේහයක් බව පවසමින් ආපසු රැගෙන යෑමට සූදානම් වී තිබේ.
එම අවස්ථාවේ මියගිය තරුණයාගේ ඥාතීන් හා හිතවතුන් එයට දැඩි ලෙස විරෝධය පා ඇති අතර සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශයේ ජනතාව අතර දැඩි කැළඹීමක් ඇති විය. ප්‍රදේශවාසීන් දේහය සෞඛ්‍ය අංශ වෙත භාරදිය යුතු බව පවසා සිටි අතර ඥාතීන් එම තීරණය එක හෙළා විරුද්ධ වූහ.
ඒ වන විට ජනතාව විශාල සංඛ්‍යාවක් එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වී සිට ඇති අතර මෙම සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශවාසීහු තම නිවෙස්වලින් පිටට නොගොස් නිවෙස් තුළට වී දොර ජනෙල් වසා සිටියහ. මේ හේතුවෙන් ඊයේ දින නීරම්මුල්ල ගම්මානය හුදකලා කළ ගම්මානයක් ලෙස දිස් වූ අතර පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි.
අවසානයේ ගොකරැල්ල පොලිසියේ මැදිහත්වීමෙන් ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ගෙන්වා දේහයට පාංශුකූලය ලබා දීමෙන් පසු එම දේහය සෞඛ්‍ය අංශ වෙත නැවත භාරදීමට ඥාතීහු පියවර ගත්හ.
(අරුණ)