Jan 22, 2021

කාසියේ වාසිය ලංකාවට - රමේෂ්ට ටෙස්ට් වරම්

එංගලන්තය සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් 154වැනි ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනා ගැනීමට තුන්ඉරියව් ක්‍රීඩක වනිගමුණි රමේෂ් තාරින්ග මෙන්ඩිස් සමත් විය.

25 හැවිරිදි වියේ පසුවන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදී සිසුවෙක් වන රමේෂ් දකුණත් පිතිකරුවෙක් ලෙස සහ දකුණත් පිට දඟ පන්දු වන්නෙක් ලෙස දස්කම් පායි.

දෙරට අතර පැවති පළමු තරගයේ ජය එංගලන්තයට හිමිවිය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top