Jan 22, 2021

කොවිඩ් එන්නත ලබා දීමේ පෙරහුරුවක් හෙට Featured

COVID-19 එන්නත් ලබා දීම පිළිබඳව පෙරහුරුවක් හෙට (23) ස්ථාන 03කදී පැවැත්වෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඔහු කියා සිටියේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශීය රෝහල සහ රාගම ශික්ෂණ රෝහල යන ස්ථාන ත්‍රිත්වයේදී එම පෙරහුරුව පැවැත්වෙන බවයි.

එන්නත්කරණ ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසුව උද්ගතවිය හැකි ප්‍රායෝගික ගැටලු හදුනාගැනීම සහ නිෂ්චිත වේලාවක් තුල කොපමණ පිරිසකට එන්නත ලබාදිය හැකිද යන මූලික කරුණු කෙරෙහි මෙම පෙරහුරුවේදී අවධානය යොමුකරන බවද හේරත් මහතා කියා සිටියේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top