Jan 22, 2021

අද කොවිඩ් මරණ 2යි ; රෝගීන් 787යි Featured

සෞඛ්‍ය බලධාරීන් විසින් අද (22) දිනයේදී ද තවත් Covid-19 මරණ 02ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 51-හැවිරිදි කාන්තාවක් හා කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 278ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය විසින් අද (22) ප.ව. 09.30ට පළ කළ නවතම වාර්තාව අනුව අද දිනයේදී රෝගීන් 787ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,863ක් වේ.

මේ වන විට රෝගීන් 7,968ක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, සුවය ලැබූ රෝගීන් ගණන 48,617ක් බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

Info Press RE 83

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top