Jan 23, 2021

ක්‍රිකට් බලධාරීන් තිසරට පළමු හා අවසන් අවවාදය නිකුත් කරයි! Featured

ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ වාද විවාදවලට පැටලීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට ක්‍රිකට් ආයතනය පළමු සහ අවසන් අවවාදය නිකුත් කර ඇතැයි වාර්තා වේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය සමඟ පසුගිය දින කිහිපයේ තිසර පෙරේරා සමාජ මාධ්‍ය ඔස්සේ ඇතිකරගත් විවාදය ප්‍රසිද්ධියේ කිළිටි රෙදි සේදීමක් වන නිසා එය වහා නතර කරවන ලෙස පාර්ශ්ව ගණනාවක් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලා සිටීම මේ අවවාදය හේතුව බවද පැවසේ.

එහෙත් මෙම විවාදයේ ප්‍රධාන පාර්ශ්වකරුවා වන ෂෙහාන් ජයසූරිය පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමු දී අමෙරිකාවේ පදිංචියට ගියේය.

තිසරගේ බිරිඳ හා ෂෙහාන් ජයසූරිය අතර ඇතිවූවා යැයි කියන විවාදාසන්න කතා හේතුවෙන් සමාජ මාධ්‍යයේ ආන්දෝලනාත්මක පුවත් මැවිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top