Jan 23, 2021

කැබිනට් මාරුව බොරුවක් ! Featured

ඉදිරි සතියේ කැබිනට් සංශෝධනයක් සිදුවෙතැයි පළවන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි.

ලබන සතියේ කැබිනට් මණ්ඩලයේ තනතුරු ගණනාවක් මාරු වන බවත් අලුත් රාජ්‍ය ඇමැතිවරුන් ගණනාවක් පත්වන බවටත් පැතිර යන ආරංචි ගැන අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් මේ බව මාධ්‍යට පවසා තිබේ.

රාජපක්ෂ මහතා වැඩිදුරටත් ඒ ගැන සාකච්ඡාවක්වත් සිදුව නැති බව ද අවධාරණය කර ඇත.

ඒ අනුව කැබිනට් මාරු කතාව පදනම් විරහිත යැයි අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

මූලාශ්‍රය - දේශය

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top