ඇයට කෝවිඩ් 19 ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණය මගින් අනාවරණය වුවද, ඊයේ (22) සිකුරාදා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි තීරණය කර ඇති බවද පැවසේ.
පවිත්‍රා ජනපති - බැසිල් සහභාගිවූ රැස්වීම්වලට ගිහින්!
මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වෙන්නේ සෞඛ්‍ය ඇමතිනී පසුගිය දිනවල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවූ රැස්වීමකට මෙන්ම ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සහාගිවූ රැස්වීමකට ද එක්ව ඇති බව වාර්තා වේ.
එහෙත් ඇයගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිළවශයෙන් කිසිවක් නිවේදනය කර නොමැත.
මේ වන විට අමාත්‍යවරුන් තිදෙනෙකුද ඇතුළුව මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සහ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ඒ අතර සිටිති.
පසුගිය ජනවාරි 08 වෙනි දින කොරෝනාවෛරසය ආසාදනය වූ බව තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේ වනවිට සම්පූර්ණ සුවය ලබා සිටියි.
ධම්මිකගේ පැනි බිව් මැතිසබේ තවත් අයෙක්
PCR පරීක්ෂණයෙන් ද තහවුරු වුවහොත්, සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිෂ්පාදිත පැණිය ප්‍රසිද්ධියේ පානය කළ මන්ත්‍රීවරුන් අතරින් කෝවිඩ් 19 රෝගය වැළඳුණ දෙවන අමාත්‍යවරයාය.
ඇමැතිනියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ විමසීම පිණිස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ඇමතීමට බීබීසී සිංහල සේවය උත්සාහ දරා ඇතත් එය සාර්ථක වී තිබේ.
එසේම, ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා, ඒ පිළිබඳව තමන් දැනුවත් නොමැති බව බීබීසීයට පවසා තිබේ.
ජාත්‍යන්තර වශයෙන් සිදුකරන ලද සායනික පරීක්ෂණ වලින් පසුව අනුමත කරන ලද කොරෝනා වෛරසයට එරෙහි එන්නත් පිළිබඳව අවධානය පළ නොකොට ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවන එලියන්ත වයිට් නම් පුද්ගලයාගේ උපදෙස් පිට පිරිත් පැන් පිරවූ මුට්ටි ගංගා වලට මුදාහැරීමට මුල්තැනක් දීම හේතුවෙන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ගේ ක්‍රියා කලාපය පසුගිය දා මහත් ආන්දෝලනයට ලක්විය.