Jan 23, 2021

මහර අධිකාරිගේ සේවය අත්හිටුවයි

වහාම කි‍්‍රයාත්මක වන පරිදි මහර බන්ධනාගාරයේ අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ සේවය අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම වැඩතහනමට අදාළ ලිපිය ඊයේ (22) වැනිදා බන්ධනාගාර අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව වාර්තා ‌වේ.

 විශ්වවිද්‍යාලයේ සිසුවියක වෑන් රථයකින් පැහැරගෙන ගොස් අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දඬුවම් නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැුඳවියකු හමුවීමට සිය අභිමතය පරිදි අමුත්තකු බන්ධනාගාරය තුළට යැවීමේ සිද්ධියක් හේතුවෙන් සිදු කෙරුණු පරීක්‍ෂණයකින් පසු මෙම වැඩ තහනම් කිරීම සිදු කර තිබේ.

පවතින සෞඛ්‍ය නීති රීති යටතේ බන්ධනාගාර රැුඳවියන් බැලීමට අමුත්තන් පැමිණීම අත්හිටුවා තිබියදී මහර බන්ධනාගාර අධිකාරිවරයා විසින් අදාළ පුද්ගලයා බන්ධනාගාරයට යවන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද අධිකාරිවරයාගේ නියෝග මත එසේ බන්ධනාගාරයට පැමිණි පුද්ගලයා පරීක්‍ෂා කිරීමේදී බන්ධනාගාරගත රැඳවියාට ලබා දීම සඳහා රැගෙනවිත් තිබූ ජංගම දුරකථන තුනක් අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීහු සමත් වූහ.
 
 එසේ ජංගම දුරකථන තුනක් හසුවීමේ සිද්ධියත් සමග බන්ධනාගාර අධිකාරිවරයා සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top