Jan 23, 2021

ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්

73 වැනි නිදහස් දින පෙළපාලියේ පුහුණු කටයුතු සදහා ශිෂ්‍ය භටයින් 300 ක් කදවුරුගතව සහභාගී කරවීම තුළින් සිසුන් අවදානම් තත්වයකට පත්විය හැකි බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කියා සිටියේ අධ්‍යාපන ලේකම්වරයාද මේ සදහා මුල් අවස්ථාවේදී විරෝධය පළකර ඇති බවය.

මෙම තීරණය සම්බන්ධව විශේෂ අවදානයක් යොමු කරන ලෙසයි ලංකා ගුරු සංගමයේ ජෝසෆ් ස්ටාලින් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top