අද දිනයේදී කළුතර වලල්ලාවිට පැවැත්වෙන "ගම සමග පිළිසඳර" වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම තොගයට එන්නත් ලක්ෂ 5ක් (500,000) ක් අයත් බව ජනපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මෙලෙස ලැබෙන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නතයි.
මේ අතර, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දීමට කටයුතු කර ඇත.
තවද, එන්නත් ලබා දීම පිළිබඳව පෙරහුරුවක් අද (23) ස්ථාන 03කදී පැවැත්වෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඊයේ පවසා තිබුණි.
ඔහු කියා සිටියේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය, පිළියන්දල ප්‍රාදේශීය රෝහල සහ රාගම ශික්ෂණ රෝහල යන ස්ථාන ත්රිත්වයේදී එම පෙරහුරුව පැවැත්වෙන බවයි.
සබැඳි පුවත් :
කොවිඩ් එන්නත ලබා දීමේ පෙරහුරුවක් හෙට
මෙරට හදිසි භාවිතයට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතට අනුමැතිය