Jan 23, 2021

ජී. එල්. පොසිටිව් නෑ ; පවිත්‍රා හික්කඩුවේ Featured

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතාට මෙන්ම, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සහ කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසකට සිදුකර තිබූ PCR පරීක්ෂණ වාර්තා ඍණාත්මක බව තහවුරු වී තිබේ.

මේ බව අධ්‍යාපන අමාත්‍යංශය විසින් සනාථ කර ඇත.

කොවිඩ් ආසාදිත බවට මීට දින කිහිපයකට පෙර තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු ලෙස මහාචාර්ය ජී. එල් පීරිස් මහතා හඳුනාගෙන තිබුණි.

මේ අතර, කොවිඩ් ආසාදිත බවට හඳුනාගන තිබූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top