Jan 23, 2021

ලැරී කිං දිවියෙන් සමුගනියි

සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සඳහා ඇමෙරිකාවේ අතිදක්ෂතාවතම මාධ්‍යවේදියෙකු වූ ලැරී කිං මියගොස් තිබේ.

ඔහු 87 වැනි වියේ පසුවිය.

දශක 6ක් දිගු වූ ඔහුගේ මාධ්‍ය ජීවිතය තුළදී දේශපාලඥයන් හා විවිධ ක්ෂේත්‍ර වල තරු සමග ඔහු සම්මුඛ සාකච්ඡා 50,000ක් පමණ පවත්වා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මීට ඔහු 25 වසරක් පුරාවට CNN නාලිකාවේ 'ලැරී කිං ලයිව්' වැඩසටහන තුළ සිදුකළ සම්මුඛ සාකච්ඡා ද ඇතුළත් වේ.

ඔහු ලොස් ඇන්ජලීස් නුවර වෛද්‍ය මධ්‍යස්ථානයකදී මියගොස් ඇත.

මේ මාසය මුලදී Covid-19 වැළඳීම හේතුවෙන් ඔහු රෝහල් ප්‍රතිකාර ද ලබා තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top