Jan 24, 2021

බස්නාහිර පළාත් සා/පෙළ සිසුන්ට හෙට සිට පාසල්

2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා හෙට (25) බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ , මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව හෙට(25) දිනයේදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන බවයි.

කෙසේ වෙතත් දුරබැහැර ප්‍රදේශවල සිටින සිසුන්ට තම ආසන්නතම පාසලට ගොස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ ය.

(නිවුස්ෆස්ට්)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top