ජනවාරි 10දා ෂැංඩොන්ග් පළාතේ රන් ආකරයක් කඩාවැටීම හේතුවෙන් මීටර් 600ක් ගැඹුරු එම පතළ තුළ ඔහු ඇතුළ තවත් 10 දෙනෙකු සිරවී තිබුණි. පසුව එක් අයෙකු මියගොස් තිබුණි.
සති දෙකක් පුරාවට පතළ තුළ සිරවී සිටින ඔවුන්ට ආහාර හා ඖෂධ දිගැති, හීනි කුහරයක් තුළින් ලබාදී ඇත.
බේරාගත් පුද්ගලයා ශාරීරිකව දුර්වලව සිටි අතර, ඔහුගේ දෘෂඨිය ආරක්ෂා කිරීමට දෑස් ආවරණය කර තිබුණි. ඔහු වහාම රෝහල්ගත කර තිබුණ බව චීන මාධ්‍ය වල දැක්වේ.
මේ පුද්ගලයා සිරවී ඇත්තේ අනෙක් පුද්ගලයන්ගෙන් වෙන්වය.
මෙම සම්පූර්ණ පිරිස බේරාගැනීමට අවශ්‍ය උමගක් හෑරීමට සති කිහිපයක් ගතවනු ඇති බව පැවසේ.