Jan 24, 2021

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් හෙරොයින් හමුවෙයි! Featured

වැලිකන්ද, කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල 2ක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එම ටෙනිස් බෝල තුළ තිබී ගංජා, හෙරොයින් සහ දුම්කොළ සොයාගත් බවයි.

ඊයේ රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව එම මත්ද්‍රව්‍ය අඩංගු ටෙනිස් බෝල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට පිටතින් විසි කර තිබේ.

පොලිසිය පැවසුවේ, හමුදාව සහ බන්ධනාගාර නිලධාරීන් කළ මෙහෙයුමකදී ඒවා සොයා ගත් බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top