Jan 25, 2021

තවත් කොවිඩ් මරණ 3ක් හා නව රෝගීන් 843ක් Featured

සෞඛ්‍ය බලධාරීන් විසින් ඊයේ (24) දිනයේදී ද තවත් Covid-19 මරණ 03ක් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 14 පදිංචි 77 හැවිරිදි කාන්තාවක්, මරදාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් හා පූජාපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි.

මේ අනුව, මෙරටින් වාර්තා වූ Covid-19 මරණ සංඛ්‍යාව 283ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ (24) ප.ව. 09.00ට පළ කළ නවතම වාර්තාව අනුව දිනය තුළදී රෝගීන් 843ක් හමුවී ඇති අතර, මේ දක්වා හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 58,430ක් වේ.

Info Press RE 92

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top