මේ වන විට ඔහු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර ඇති අතර ඔහුගේ සමීප මිතුරන් හඳුනා ගැනීමට පියවර ගනිමින් සිටින බව පැවසේ. මේ අනුව කොරෝනා වැළඳුන හයවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වසන්ත යාපා මහතාය.
ඉන් දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර යන අය සුවය ලබා ඇති අතර, පියල් නිෂාන්ත, පවිත්‍රා වන්නිආරච්චි හා රාවුෆ් හකීම් යන අය තවමත් ප්‍රතිකාර ලබමින් සිටිති.
නීතීඥයකු වන යාපා මහතා වියත්මඟ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තු වරම් ලැබූවෙකි.
NIE අධ්යක්ෂ ජනරාල්ටත් කොරෝනා
මේ අතර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත.