Jan 25, 2021

වාර්තාගත චන්ද්‍රිකා ගණනක් එකවර අභ්‍යවකාශයට!

එක් රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශයට යවන ලද වැඩිම චන්ද්‍රිකා ප්‍රමාණය සම්බන්ධයෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට SpaceX සමාගම සමත් වී ඇත.

SpaceX Falcon රොකට්ටුවක ආධාරයෙන් මෙලෙස අභ්‍යවකාශගත කර ඇති චන්ද්‍රිකා ප්‍රමාණය 143කි. එම චන්ද්‍රිකා විවිධ ප්‍රමාණයෙන් හා හැඩවලින් යුක්ත ඒවා බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වාර්තාව මීට පෙර තබා ඇත්තේ 2017 වසරේදී චන්ද්‍රිකා 104ක් අභ්‍යවකාශගත කරමිනි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top