බස්නාහිර පළාතේ කොරෝනා අවදානම යළි ඉහළ ගොස් ඇති බවද දිනක් තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව (480 ක්) ඊයේ (24) දිනයේදී හඳුනා ගැනුණු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
මේ වනවිට කොරෝනා ආසාදිතයින් සඳහා රෝහල්වල වෙන්කර ඇති ඇඳන් සංඛ්‍යාව උපරිම මට්ටමට ළඟාවෙමින් පවතින බව වාර්තා පෙන්වන අතර පවතින තත්ත්වය හමුවේ උත්සව සඳහා සීමා පැනවීම ඇතුළු උපක්රමශීලි ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බව ඒම සංගමයේ සංස්කාරකවරයා වැඩිදුරටත් කියා සිටියි.
හිටපු ජාතික බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වූ අතර ඔහු මීට පෙර කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගත් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ සොහොයුරා වේ.