ඕස්ට්‍රේලියානු රජය පෙන්වා දෙන්නේ වෙබ් අඩවි වලින් පල කරන නිව්ස් වලින් ගූගල් සමාගම ආදයමක් ඉපැයුවත් එයින් සතයක්වත් එම නිව්ස් පල කරන වෙබ් අඩවි වලට නොගෙවන බවයි. මේ නිසා නව නීතිය සම්මත කිරීම මගින් ඔවුන් උපයන සෑම ඩොලරයකින්ම කොටසක් පුවත් පල කරන වෙබ් අඩවි වලට ගෙවිමට සැලැස්වීමට අපේක්ෂා කෙරේ.
එහෙත් ඊට විරෝධය පළ කරන අදාළ ඇමෙරිකානු සමාගම් අනතුරු අඟවා ඇත්තේ සිය ඇතැම් සේවා ඕස්ට්‍රේලියාව තුළ අත්හිටුවන බවය.
කෙසේ වෙතත් සිය පාර්ලිමේන්තු නියෝජිතයින් ‘තර්ජනවලට’ බිය නොමැති බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසා තිබේ.