මේ අනුව පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මහ ලේකම් ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක මහතා පත්ව සිටියි.
මීට අමතරව සමගි ජන බලවේගය සඳහා ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු නම් කරනු ලැබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකිර් මාකර්, පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම සහ රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන් මේ සඳහා පත්කරනු ලැබීය.
තළතා අතුකෝරළ, ගයන්ත කරුණාතිලක, දිලිප් වෙදආරච්චි, ඒ එච්. එම්. හලීම්, චන්ද්‍රාණි බණ්ඩාර, පී හැරිසන්, හරීන් ප්‍රනාන්දු සහ සුජීව සේනසිංහ යන මහත්ම මහත්මීන් උප සභාපතිවරුන් ලෙස කටයුතු කරනු ඇත.
සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික ලෙස හර්ෂ ද සිල්වා මහතා, අජිත් පී පෙරේරා මහතා ප්‍රධාන විධායක ලෙසටත් පරීක්ෂණ ලේකම් ලෙස ඉරාන් වික්‍රමරත්න මහතාත් පත්වීම් ලැබීය.
ඊට අමතරව නියෝජ්‍ය ලේකම්වරුන් 04 ක් නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් 03ක් සහ නීති ලේකම්වරුන් දෙදෙනෙකුද සමගි ජන බලවේගයේ නව නිළධාරී මණ්ඩලයට ඇතුලත් වේ.
ඉහත පත් කිරීම් කරනු ලැබුවේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ දී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පක්ෂයේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වූ අවස්ථාවේදීය.
ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ චම්පික රණවක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනබලවේගයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.