Jan 25, 2021

කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන් 

කොරෝනා වෛරසය මර්දනය කළ හැකි දේශීය ඖෂධ ගණනාවක් දේශීය වෛද්‍යවරුන් විසින් ඉපැරණි පුස්කොළපොත් වල වට්ටෝරු භාවිතයෙන් නිෂ්පාදනය කර ඇතත් ඒවා භාවිත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන්නේ යයි දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.

මෙරට කිසිදු කොරෝනා ආසාදිතයකුට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් නොදී සායනික වාර්තාවක් ලබා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන පේරාදෙණියේ දී පැවැත්වූ මාධ්‍ය හමුවකදී දේශීය වෛද්‍යවරුන් විසින් පෙන්වා දුන්නේය.

විදේශ රටවල නිෂ්පාදනය කරන එන්නත් ලබාදුන් රෝගීන් මරණයට පත්ව තිබියදී ඒවා කෙරෙහි විශ්වාසය තබමින් සිටින බලධාරීන් විසින් කිසිදු අතුරු ආබාධයක් නැති දේශීය ප්‍රතිකාර වලට අවස්ථාව නොදීමට කටයුතු කරමින් ඇතැයි චෝදනා කරති.

මෙම තත්ත්වය දේශීය පාරම්පරික ප්‍රතිකාර ක්‍රම හෑල්ලුවට ලක් කිරීමක් යැයිද ඔවුහු කියා සිටිති.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top