Jan 25, 2021

ඉල්ලීම් නොදෙන බව කියමින් බස් සංගම් රතු එලි පෙන්නයි

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ බස් රථ හිමියන් විසින් කළ ඉල්ලීම් සදහා රජය විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ලබන 09 වැනිදා සියලු බස් සංගම් ඒකාබද්ධව ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

02 වැනිදා පවත් වන උද්ඝෝෂණය හරහා අපේක්ෂිත ඉල්ලීම් ඉටු නොවුවහොත් ලබන 09 වැනිදා දිවයින පුරා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.  

බස් රථ සඳහා ලබාගෙන ඇති ලීසිං පහසුකම් වෙනුවෙන් සහන කාලසීමාවක් ලබාදීම, වසර 03ක කාලයක් සඳහා සහන පොලී යටතේ ණය මුදලක් ලබාදීම වැනි ඉල්ලීම් කිහිපයක් බස් සංගම් විසින් රජයට ඉදිරිපත් කර තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top