මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 381ක් රැස් කළේය.ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 92ක් රැස් කිරීමට සමත් විය.
පළමු ඉනිමේදී එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 344ක් රැස් කළ අතර නායක ජෝ රූට් ලකුණු 186ක් රැස් කළේය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 126කට සීමා විය.ඒ අනුව තරගයෙන් ජය ගැනීම සඳහා එංගලන්තයට අවශ්‍ය වූයේ ලකුණු 164ක් පමණි.
දෙපිලේ ක්‍රීඩකයින් තිදෙනෙකුට මෙය විශේෂ තරගයක් බවට පත් විය.ඒ් ඔවුන්ගේ නම් ඉදිරියෙන් ලෝක වාර්තා 3ක් ලියවීම හේතුවෙනි.
එක් තරගාවලියකදී එකම ආරම්භක පිතිකරු යුගලය නොකඩවා ඉනිම 3කදී දවා ගැනීමේ දුර්ලභ වාර්තාවට හිමිකම් කීමට ලසිත් ඇඹුල්දෙණිය සමත් විය.
මීට අමතරව එක් ඉනිමකදී එක් ක්‍රීඩකයෙකු විසින් රැක ගනු ලැබූ වැඩිම උඩ පන්දු සංඛ්‍යාවේ ලෝක වාර්තාව සම කිරීමට ද ලහිරු තිරිමාන්න සමත් විය.එම දක්ෂතාව දැක්වූ ලොව 13 වන පන්දු රකින්නා වන්නේ ද තිරිමාන්නය.
ඉනිමකදී කඩුලු 5ක් දවා ගත් මේ වන විට ක්‍රීඩා කරන ලොව වයස්ගත ම ක්‍රීඩකයා බවට පත්වීමට ජෙම්ස් ඇන්ඩර්සන් සමත් විය.