මියගිය පුද්ගලයා කුඩු ප්‍රවාහනය සඳහා බෝට්ටුවකින් ගොස් ඇති ඇති බවත් එහිදී මුදල් ආරවුලක් ඇති කරගෙන ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි පානදුර කෙසෙල්වත්ත ගැමුණු මාවතේ පදිංචි එස්. සඳකැළුම් නමැති එක්දරු පියෙකි.
මිය ගිය අය ධීවරයෙක් බවද වාර්තාවේ.මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇතැයි පැවැසේ.
ඝාතනයට සම්බන්ධ වූවන් සොයා මිරිහාන විශේෂ ඒකකය ඇතුළු විශේෂ කණ්ඩායම් හතරක් පරීක්ෂණ අරඹා ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටී.
ත්‍රිරෝද රථයකින් තවත් දෙදෙනකු සමග ගමන් කරමින් සිටින අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු එම ත්‍රිරෝද රථයේ සිටි අයකුට මෙම වෙඩි පහර එල්ල කර තිබිණි.
දෙනෝ දාහක් බලා සිටියදී වෙඩි තැබූ සැකකරුකවන් පලායන අයුරු අවට පිහිටි සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී ඇත.
එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ සිට දිවි බේරාගත් පුද්ගලයන් දෙදෙනා පවසා සිටින්නේ තමන් ඇතුළු පිරිස මිතුරකු සමග කතා කරමින් සිටින විට යතුරුපැදියකින් පැමිණි අයකු වෙඩි තැබූ බවකි.