Jan 26, 2021

නවීන් එජාප ජාතික සංවිධායක ධුරය අත්හරියි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වන බව සඳහන් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ලිපියක් යොමුකර තිබේ.

කෙසේ වෙතත් තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක් ලෙස මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කරන බවත් ඔහු සිය ලිපියෙන් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ අනාගත වැඩපිළිවෙලට සහ ප්‍රතිපත්ති සඳහා පූර්ණ සහයෝගය සපයන බවද නවීන් දිසානායක මහතා විසින් එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත යැවූ ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top