ගතවූ පැය 24ක කාලය තුළ සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
පසුගිය 17 වනදා සිට 22 වනදා දක්වා සතියක කාලය තුළ දිවයින පුරා රිය අනතුරු 427ක් වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් 90 දෙනෙකු බරපතළ තුවාල ලබාඇති අතර 189ක් සුළු තුවාල ලැබූවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මාරක රිය අනතුරුවලින් 30 දෙනෙකු පමණ මියගොස් ඇත.