Jan 26, 2021

වාණිජ බැංකුවලට ගෙවීම් කරද්දී විදෙස් විනිමයට අත තියන්න එපා කියයි Featured

ඉදිරි මාස තුනක කාලය තුළ වාණිජ බැංකු විසින් විදේශ විනිමය යොදාගෙන කරනු ලබන ගෙවීම් නතර කරන ලෙස මහ බැංකුව වානිජ බැංකු වෙත නිවේදනය කර තිබේ.

ඊට අදාළ නිවේදනය ඊයේ (25)  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය  විසින් නිකුත්කර ඇත.

වාණිජ බැංකුවල පවතින විදේශ විනිමය සම්බන්ධ ද්‍රවශීලතාවය ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙස මේ තීන්දුව ගෙන ඇති බව පැවසේ.

කෙසේවුවද, ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිගින් දිගටම බිඳවැටීම මේ තීන්දුවට හේතුවන්නට ඇති බවයි.

අදාළ නිවේදනය පහත දැක්වේ.
BCSL 001

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top