Jan 26, 2021

වෙනස් කොවිඩ් ප්‍රභේදයක් ලංකාවෙන් ; බස්නාහිරෙන් යන සැමට කොවිඩ් පරික්ෂා Featured

මෙරටින් පෙර වාර්තා නොවූ කොවිඩ්-19 ප්‍රභේදයක් හඳුනාගත් බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් පවසයි.

එංගලන්ත ප්‍රභේදයට වෙනස් ඉක්මණින් පැතිරීමේ හැකියාව ඇති මෙම ප්‍රභේදය, ස්විට්සර්ලන්ත, ජර්මනිය ඇතුළු රටවල පැතිර යන කොරෝනා ප්‍රභේදයක් බව ඔවුන් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයටද දන්වා ඇති බවත්, වැඩිදුර පරීක්ෂණ දිදුකරන බවත් ඔවුන් සඳහන් කර සිටියි.

බස්නාහිරෙන් පිටවන අයට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

බ්‍රහස්පතින්දා (28) සිට ලබන සඳුදා (පෙබරවාරි 01දා) තෙක් බස්නාහිර පළාතෙන් පිටවන සෑම පුද්ගලයෙකුම කොවිඩ් පරීක්ෂණයකට ලක් කිරීමට පොලිසිය තීරණය කර ඇත.

ස්ථාන 11 කදී ඔවුන් ව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කෙරෙනු ඇත.

මේ සතිය අවසානයේ දීර්ඝ සති අන්ත නිවාඩුව එළැඹීම හමුවේ බස්නාහිර පළතෙන් පිටතට කොවිඩ් ආසාධිතයන් ගමන් කිරීම වැළැක්වීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top